Thursday, November 29, 2012

Satellite

චන්ද්‍රිකාවක මූලික අරමුණ වන්නේ සන්නිවේදනය යි. පෘථිවිය ගෝලාකාර බැවින් පොළව මතුපිට කුළුණු මඟින් සන්නිවේදනය කළ හැක්කේ කුඩා ප්‍රදේශයකි. එවිට රටක් ආවරණය සඳහා කුළුණු රාශියක් යොදා ගත යුතු වේ. අප රටේ දුරකථන සම්බන්ධතා සපයන ආයතන විසින් එවැනි කුළුණුරාශියක් රට තුළ ස්ථාපනය කර ඇති ආකාරය ඔබ දැක ඇත. මෙය විවිධාකාර ගැටළු ඇති කරවන තත්ත්වයකි. මෙමඟින් පාරිසරික ගැටළු, සෞඛ්‍ය ගැටළු, බාහිර අලංකාරය නොමැති වීම මෙන්ම ඉඩම්වල නියම ප්‍රයෝජන ලබා ගත නොහැකි වීම යන ගැටළු රාශියක් පැන නගී. මෙවැනි ගැටළු සඳහා විසඳුමක් ලෙස “Satellite” නැතහොත් චන්ද්‍රිකා යොදා ගැනීමට දියුණු රටවල් යොමු විය.
පළමු මිනිසුන් රහිත චන්ද්‍රිකාවක් කක්ෂගත කරනු ලැබුවේ රුසියාව විසිනි. එය ස්පුට්නික් I” ලෙස හැඳින්වේ. ස්පුට්නික් යන්නෙහි සිංහල අරුථ වන්නේ චන්ද්‍රිකාව යන්න යි.
ශ්‍රී ලංකාව ද, මෑතක දී (2012 නොවැම්බර් 27 වන දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප. ව. 3.43 ) චන්ද්‍රිකාවක් කක්ෂගත කළේ ය. එය DFH - 4 වර්ගයට අයත් වන්න කි. එය සුප්‍රීම් සැට් ලෙස නම් කර තිබුණි. සුප්‍රීම් සැට් සමාගමේ කළමණාකාර මනිවන්නන් මහතා ප්‍රකාශ කරන ආකාරයට මෙමඟින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය්, දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රෙය් මෙන්ම චන්ද්‍රිකා රූපවාහිනී ක්ෂේත්‍රෙය් අති විශාල දියුණුවක් ලබා ගත හැකි ය. නමුත් සැබැවින්ම මෙය ශ්‍රී ලංකාවට අයත් ද, යන්න පිළිබඳ විවිධ මත පල වී ඇත. මෙම චන්ද්‍රිකාව කක්ෂගත කරනු ලැබුවේ චීනයේ චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ හා අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයකිනි. එය චීනයේ හඳුන්වා ඇත්තේ Star No.12 Communications Satellite ලෙස ය. ශ්‍රී ලංකාවාසී බොහෝ දෙනා සිතා සිටියේ මෙය ශ්‍රී ලංකාවට ඉහල අහසේ පිහිටුවන බවයි. එහෙත් මෙම ක්‍රියාදාමයේ පුරෝගාමියා වන රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ මෙය ශ්‍රී ලංකාවේ ඉහල අවකාශය ආවරණය කරන්නක් නොවන බවයි. එසේම ඔහු තවදුරටත් කියා සිටින්නේ අපේම වූ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම 2015 දී සිදු කරන බවත් ඒ සඳහා මෙය පෙරසූදානමක් බව ය. මෙවැනි හේතූන් නිසා ශ්‍රී ලාංකිකයින් ලෙස මෙය අපේ චන්ද්‍රිකාවක් යැයි සතුටු විය හැකිද යන ගැටළුව මතු වී ඇත. කෙසේ නමුත් එම චන්ද්‍රිකාවේ ශ්‍රී ලාංකික කොඩිය නිරූපිත වන බව ප්‍රකාශ වේ. එසේම මෙම චන්ද්‍රිකාවේ පාලන කටයුතු සඳහා පල්ලෙකැලේ අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට ද බලාපොරොත්තු වේ.

2 comments:

  1. රාජපක්ෂ පවුලට ජය ෙව්වා!!!!!!!!!

    ReplyDelete

Welcome Comments..!!!