Tuesday, January 15, 2013

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

වර්ණ
තැඹිලි පාට
-
දෙමළ ජනතාවගේ නියෝජනය

කොළ පාට
-
මුස්ලිම් ජනතාවගේ නියෝජනය

කහපාට       
-
හේතුඵල ධර්මය හා නෛසර්ගික විමුක්ති මාර්ගය යන දර්ශනවල ඇති ප්‍රඥාව පිළිඹිබු කිරීම (අනෙකුත් සුළු ජාතීන් යන මතය ද ඉදිරිපත් කරයි)

රතුපාට
-
මිනිසාගේ ස්වභාවික හැඟීම් තුළ ප්‍රඥාවේ ස්ථාවරභාවය අඩංගු වීම


බෝපත් සතර
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විවරණ
(කරුණාවන්ත බව, මිත්‍රශීලී බව, සතුට, සමානාත්මතාවය)

සිංහයා
සිංහයා ආරක්ෂකයා ලෙසත්, අසිපත ආරක්ෂක ආයුධය ලෙසත් නිරූපණය වේ.
කඩුව අතින් ගත් සිංහයා තේජස හා උත්තරීතර භාවය ද,
පාද තුනකින් සිටින සිංහයා තුන් සිංහලය එක්සත් කළ බව ද,
අසිපත ඉහලට එසවී තිබීම ජාතියේ ස්වධීනත්වය හා උත්තරීතර බව ද නිරූපනය වේ.

වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කළේ
ජේ. ඩී. ඒ. පෙරේරා
පාර්ලිමේන්තුවෙන් සම්මත වූ වර්තමාන ජාතික කොඩිය ප්‍රථමවරට ඔසවන ලද්දේ 1952 පෙබරවාරි 04 දීය.
ජාතික කොඩියේ සතර කොන්වල තිබූ කොත් ඉවත්කොට ඊට බෝ කොල සතරක් ඇතුලත් කළේ 1972 දීය.
ජාතික කොඩියේ සැලැස්ම, දිග, පළල SLS 693-1985 අංක දරණ ශ්‍රී ලංකා ජාතික කොඩිය සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූල විය යුතු ය.
අප රටේ අතීතයේ සිංහ රූපයක් සහිත ධජයක් භාවිත කළ බවට ඇති ඓතිහාසික සාධක කීපයක්,
ක්‍රි. පූ. 161 - 137 දුටුගැමුණු රාජ්‍ය කාලයේ දී කඩුවක් අතින් ගෙන දිවයන සිංහයකුගේ රූපයක් හා ඉර හඳ ඇතුලත් ධජයක් භාවිත කර තිබීම
ක්‍රි. ව. 1415 දී VI වන පරාක්‍රමබාහු රජුගේ රාජාභිශේකය පැවති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහයකුගේ රූපයක් සහිත කොඩියක් එසවීම
II වන රාජසිංහ රජු සිහිපත් කිරීම සඳහා ක්‍රි. ව. 1657 දී ලන්දේසි ජාතිකයන් විසින් පවත්වන ලද උත්සවයකට සිංහ කොඩිය ඔසවා තිබීම

10 comments:

  1. ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී එස්.පී.චාර්ල්ස් මහතාගේ දායකත්වය අමතක කල නොහැකිය. ජේ.ඩී.ඒ.පෙරේරා මහතා යුරෝපීය කලාවේ අභාෂය ඇත්තෙකි නමුත් එස්.පී.චාර්ල්ස් මහතා සාම්ප්‍රදායික කලාවේ ප්‍රවීණයෙකි.ජාතිකකොඩියේ රූප නිර්මාණය වී ඇත්තේ එස්.පී.චාර්ල්ස් මහතා අතිනි එනිසා එතුමාගේ නම මෙහි සදහන් කිරීම යුතුකමක් හා වගකීමකි.ඒ පිළිබද කාරුණිවේයයි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  2. ඔබ සඳහන් කර ඇති තොරතුරු ද ඇතුලත්ව ජාතික කොඩිය සම්බන්ධව තවත් තොරතුරු ඉදිරියේ දී ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙමි. අදහස් ඵලකිරීම සමිබන්ධව සතුතිවන්ත වෙමි.

    ReplyDelete
  3. මේ වෙබ් අඩවිය සිංහල බ්ලොග් කියවන වලට ඇතුල් කර නැද්ද ? කලින් දැකල නැත.
    Ex : http://blogs.sinhalabloggers.com/religious/
    http://www.hathmaluwa.org/

    ReplyDelete
    Replies
    1. kottu, ලාංකීය සිතුවිලි ඇතුළු බ්ලොග් කියවන කීපයකම ඇතුළත් කර ඇත.

      Delete
  4. ජාතික කොඩිය පිළිබද සියළු විස්තර දැනගන්න පහත ලින්ක් එකෙන් වකිපීඩියා වෙබ් අඩවියට පිවිසෙන්න http://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A_%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA

    ReplyDelete
  5. Is this definition correct? Where is the representation of Sinhalese?

    ReplyDelete
  6. Lion not for a guardian it Stands for Sinhalese and Maroon color the same,Yellow for Buddhist faith ,Sword not for a weapon it is for bravery of the nation you are cheating people with false facts yellow stands for entire Buddhism not for hethupala.Red dose not say about such a hagimak it was the color of royality

    ReplyDelete

Welcome Comments..!!!