Tuesday, August 27, 2013

වී ගොවිතැන හා සම්බන්ධ විශේෂ වදන්

කමත / කළවිට
-
ගොයම් පෑගීම සඳහා කුඹුරේ සාදා ඇති විශේෂිත ස්ථානය
ගොයම් කොළය / කොළ කැටිය
-
ගොයම් ගොඩගැසූ කන්ද
දැතිගොයියා
-
ගොයම් කොළ ඇවිස්සීමට ගන්නා අගින් කරුවක් සහිත දණ්ඩ
මාගල
-
වී වේලීම සඳහා ගන්නා මා පැදුර
පාවර
-
එකවර පාගනු ලබන ගොයම් ප්‍රමාණය
වෑදව
-
කමතේ දී ගනු ලබන කෑම
ඇවරිය
-
වී හුලං කිරීමට යොදා ගන්නා ආදාරකය
වලහන්
-
ගොවිතැනට උදවු වන අයට දෙනු ලබන වී ප්‍රමාණය
කැට කඳු
-
නියරේ තිබෙන කැපූ ගොයම් ගොඩ
උප්පිඩ
-
දෑතින් අල්ලා ගත හැකි ගොයම් ප්‍රමාණය
කුස්සිබෝය / පැල / යලත්ත
-
කමතේ සාදන තාවකාලික මඩුව
මැඩුවන්
-
පිදුරු
අම්බරුවන්
-
මී හරක්
මැල්ල
-
බොල් වී
ඇඹුල
-
උදේ කෑම
මුත්තා කණුව
-
ගොන් කණුව
කැවිටි බෝය
-
කෝටුව
බෝලත්ත
-
කමත අතුගාන ඉදල
බැත
-
වී
යතුර
-
කුල්ල
ලියන්නාව
-
දෑකැත්ත
මුත්තෙට්ටුව
-
ආහාර
බරු
-
වී සහිත ගොයම
යාල ගොයිය
-
කුරුණිය
හේගානව
-
එලවනව
බාන් වැල
-
වැල් වලින් ඇඹරූ ලණුව
කාටුව
-
වී සමඟ මිශ්‍රව ඇති රොඩු
කටුබෝල
-
කාටුව එකතු කරන ඉදල
බෝමුරු ඇදීම
-
කමත සුද්ද කිරීම
බෝල් තියනව
-
කමත අතු ගානව
අමුකටුවුණා
-
කොළ මැඩවී නොමැතිකම

4 comments:

Welcome Comments..!!!