නොබැඳි ජාතීන්ගේ සමුළුව

නොබැඳි ජාතීන්ගේ සමුළුව
නොබැඳි සමුළුව නිල වශයෙන් ආර්ම්භ වූයේ 1961 සැප්තැම්බර් මාසයේ පවත්වන ලද බෙල්ග්‍රේඩ් සමුළුවෙනි. එතැන් සිට කෙමෙන් වර්ධනය වූ එහි වර්තමාන සාමාජික රටවල් ගණන 118 කි. නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වෙන්නේ අවුරුදු  තුනකට හෝ හතරකට වරක් වශයෙනි.

නොබැඳි ව්‍යාපාරය බිහිවිමට හේතුව
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු බටහිර බලවතුන්ගේ ආකල්ප වල වෙනසක් ඇති විය. මේ වන විට ඔවුන්ට අප්‍රිකාවේ හා ආසියාවේ යටත් විජිත රැසක් තිබිණ. යුද්ධයෙන් පසුව බටහිර ජාතීන් දුර්වල වී දෙවන ගණයේ රටවල් බවට පත් විය. ඔවුන් මැඩ පවත්වා තිබූ ආසියාවේ හා අප්‍රිකාවේ ජාතික ව්‍යාපාර දෙවන ලෝක යුද්ධයෙන් පසු වඩ වඩාත් ආධාර ලබමින් ශක්තිමත් විය. අවසානයේ දී තම යටත් විජිත වලට නිදහස ලබා දෙන්නට බටහිර ජාතීන්ට සිදු විය.
යුද්ධය අවසාන වීමත් සමඟම ඇමෙරිකාව හා සෝවියට් දේශය සුපිරි බලවතුන් ලෙස නැඟී සිටියහ. සීතල යුද්ධය ඇරඹීමත් සමඟ බල කඳවුරු දෙකක් බිහිවීම සිදු වූ අතර මේ කඳවුරු දෙකක් බිහිවීම සිදු වූ අතර මේ කඳවුරු දෙකේ ප්‍රධානීන් නිදහස් ජාතීන් හැකි තරම් තම කඳවුරු වලට හරවා ගන්නට වෙර දැරීය. එහෙත් මෙම නව නිදහස් රටවලට උවමනා වූයේ කිසිම කඳවුරකට ගැති නොවී තම රටේ සුබ සිද්ධියට අදාලව නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ය. මේ ස්වාධීන ප්‍රතිපත්ති නොබැඳි පිළිවෙත නම් විය.

ආරම්භය
අප්‍රිකානු හා ආසියානු රටවල් තමන්ට පොදු වූ ප්‍රශ්න සාකච්ඡා කිරීමට 1955 දී ඉන්දුනීසියාවේ බැංඩුංහි සම්මේලනයක් පැවැත්වූහ. ඊට ආසියානු රටවල් 23 හා අප්‍රිකානු රටවල් 6 ක් සහභාගී වූහ. ඉන්දියාවේ අගමැති ජවහර්ලාල් නේරු චීන අගමැති වූ එන් ලායි හා ඉන්දුනීසියානු ජනපති සුකර්නෝ යන නායකයින් ජාතීන් අතර සාමය ඇති කිරීමේ පොදු එකඟත්වයට පැමිණීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සමුළුව කැඳවීය.

පරමාර්ථ
1.      අභිනවයෙන් උපත ලැබූ ජාතීන්ගේ නිදහස අධිරාජ්‍යවාදී හා විදේශ ආධිපත්‍යයන්ගෙන් ආරක්ෂා කර ගැනීම.
2.      මානව අයිතිවාසිකම් හා පරිසරය ආරක්ෂා කිරීම.
3.      යුද්ධයකට හේතු වන සියලු කරුණු මුලිනුපුටා දැමීම සහ විශේෂයෙන් න්‍යෂ්ටික අවි නිපදවීම මුලිනුපුටා දැමීම.
4.      අභ්‍යන්තරික හා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීම සඳහා වූ නිදහස ආරක්ෂා කිරීම.
5.      අන්තර්ජාතික වශයෙන් ඇතිවන මතභේද හා ගැටීම් සාමාකාමී ලෙස නිරාකරණය කර ගැනීම.
6.      පුද්ගලයන් අතර මෙන්ම ජාතීන් අතර ද සමානාත්මතාව දියුණු කිරීම සහ විශේෂයෙන් ජාතීන් වශයෙන් ජාතීන් වශයෙන් හා වෙනත් ආකාරයෙන් කෙරෙන වෙනස්කම් හෙලා දැකීම.
7.      වඩාත් ආක්ෂාකාරී හා සාමකාමී ලෝකයක් සහතික කිරීම සහ ලෝකයේ සාමකාමි පැවැත්මට බාධා නොවන අයුරින් තම රටේ සංවර්ධනයට අවස්ථා උදා කර දීම.
8.      එක්සත් ජාතීන්ගේ මණ්ඩලය ශක්තිමත් සහ ක්‍රියාකාරී සංවිධානයක් බවට පත් කිරීමට උදව් දීම.
9.      නව ජාතීන් සුපිරි බල කඳවුරුවල ගොදුරු බවට පත් වීමට ඉඩ නොදී ආරක්ෂා කිරීම.
10.  දුප්පත් පොහොසත් භේදය නැතිවන අයුරු යුක්ති සහගත හා සාධාරණ ආර්ථික ක්‍රමයක් ස්ථාපනය කිරීම.

ප්‍රතිපත්ති
මෙහි දී ප්‍රකාශයට පත් වූ ප්‍රතිපත්ති පංච ශීලය නමින් හැඳින්වීය.
1.      එකිනෙකාගේ භෞමික අඛණ්ඩතාවයට හා ස්වෛරී භාවයට ගරු කිරීම.
2.      එකිනෙකාට විරුද්ධව ආක්‍රමණය නොකිරීම.
3.      එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම.
4.      ප්‍රතිලාභවාදී සමානාත්මතාව.
5.      අන්‍යෝන්‍ය සාමකාමී සහජීවනය.

නොබැඳි ජාතීන්ගේ සමුළු පිළිබඳ සටහන්
සමුළුව
ස්ථානය
ප්‍රථම
-
1961
යුගෝස්ලාවියාව
දෙවන
-
1964
ඊජිප්තුව
තෙවන
-
1970
සැම්බියාව
සිව්වන
-
1973
ඇල්ජීරියාව
පස්වන
-
1976
ශ්‍රී ලංකාව
හයවන
-
1979
කියුබාව
හත්වන
-
1983
ඉන්දියාව
අටවන
-
1986
සිම්බාබ්වේ
නවවන
-
1989
යුගෝස්ලාවියාව
දහවන
-
1992
ඉන්දුනීසියාව
එකොළොස්වන
-
1995
කොළොම්බියාව
දොළොස්වන
-
1999
දකුණු අප්‍රිකාව
දහතුන්වන
-
2003
මැලේසියාව
දහහතරවන
-
2006
කියුබාව
පහළොස්වන
-
2009
ඊජීප්තුව


*
 

1 comment:

Welcome Comments..!!!