ආර්ථික

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු වර්ග
ශ්‍රී ලංකා මහ බැංකුව
බලපත්‍රලාභී වානිජ බැංකු
බලපත්‍රලාභී විශේෂිත බැංකු

ශ්‍රී ලංකා මහ බැංකුව
1949 අංක 58 දරණ මුදල් නීති පනත යටතේ 1950 අගෝස්තු 28 දින ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලදී.
ශ්‍රී ලංකා රුපියල රටේ සංසරණය වීම සිදුවූයේ මෙදින සිටය.
ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමට පෙර මෙරට පැවති මූල්‍ය ක්‍රමය වූයේ 1884 මුදල් නෝට්ටු ආඥා පනත (Paper Currency Ordiance) යටතේ 1884 පිහිටුවන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය යි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු
v  මුදලේ දේශිය අගය ස්ථායීකරණය කිරීම
v  ශ්‍රී ලංකා රුපියලෙහි සම වටිනාකම ආරක්ෂා කිරීම හා එදිනෙදා සිදුවන ජාත්‍යන්තර ගණුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල නිදහසේ භාවිත කිරීම.
v  ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය, සේවා වියුක්තිය හා මූර්ත ආදායම ඉහල මට්ටමක පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම
v  ශ්‍රී ලංකාවේ ඵලදායි සම්පත්වල පූර්ණ සංවර්ධනය දිරිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම

මහ බැංකුවේ අධිපතිවරු
ජෝන් එක්ස්ටර් මහතා
-
1950
-
1953
එන්.යූ.ජයවර්ධන මහතා
-
1953
-
1954
ඒ.ජී.රණසිංහ මහතා
-
1954
-
1959
ඩී.ඩබ්.රාජපතිරණ
-
1959
-
1967
විලියම් තෙන්නකෝන් මහතා
-
1967
-
1971
හර්බට් ඊ. තෙන්නකෝන් මහතා
-
1971
-
1979
ආචාර්ය වර්ණසේන රාසපුත්‍රම් මහතා
-
1979
-
1988
ආචාර්ය එච්. නෙවිල් එස්. කරුණාතිලක මහතා
-
1988
-
1992
එච්. බී. දිසානායක මහතා
-
1992
-
1995
දේශමාන්‍ය ඒ. එස්. ජයවර්ධන මහතා
-
1995
-
2004
දේශමාන්‍ය සුනිල් මෙන්ඩිල් මහතා
-
2004
-
2006
අජිත් නිවාඩ් කබ්රාල්
-
2006

සිට


වානිජ බැංකු
1988 අංක 30 දරණ බැංකු පනතෙහි 86 වැනි වගන්තිය මඟින් බැංකු ව්‍යාපාරය පිළිබඳ පොදුවේ හඳුන්වා ඇත.
වානිජ බැංකුවක ප්‍රමුඛ කාර්යය
තැම්පතු භාර ගැනීම
ණය සම්පාදනය

වානිජ බැංකුවල ආරම්භය

v  වානිජ බැංකු ආරම්භ කිරීමට පථම මූල්‍ය සේවාවන් කටයුතු පවත්වා ගෙන යාම චෙට්ටියාර්වරුන් විසින් පවත්වා ගෙන යන ලදී.
v  මෙරට විදේශීය වෙළඳාම සම්බන්ධ කටයුතුවල නිරත වූ බැවින් හුවමාරු බැංකු වශයෙන් හැඳින්වූ හුවමාරු බැංකු ක්‍රමය 1841 දී ආරම්භ කරන ලදී.

වානිජ බැංකුවල විකාශය

1939
-
අගෝස්තු 01 දින රාජ්‍ය අනුග්‍රහය ලද ප්‍රථම දේශීය බැංකුව ලෙස ලංකා බැංකුව පිහිටුවීම

1951
-
හබීබ් බැංකුව ආරම්භ කිරීම (1953 දී ක්‍රියාකාරීත්වය නතර විය)

1954

-
(ඕවර්සිස්) හබීබ් බෑන්ක් ලිමිටඩ් පිහිටුවීම
1958
-
ග්‍රීන්ඩ්ලේස් බෑන්ක් ලිමිටඩ් හා ඉන්දියන් නැෂනල් බෑන්ක් ලිමිටඩ් ඒකාබද්ධ කර නැෂනල් ඇන්ඩ් ග්‍රීන්ඩ්ලේස්  බෑන්ක් ලිමිටඩ් පිහිටුවීම

1961
-
මහජන බැංකුව පිහිටුවීම

1969
-
මෙරට ප්‍රථම පෞද්ගලික බැංකුව වූ සීමාසහිත ලංකා වානිජ බැංකුව ස්ථාපිත කිරීම

1970
-
හැටන් නැෂනල් බැංකුව ආරම්භ කිරීම

1979
-
ඉන්දු සූවස් බෑන්ක්, සිටි බෑන්ක්, බෑන්ක් ඔෆ් ක්‍රෙඩිට් ඇන්ඩ් කොමර්ස් ඉන්ටර්නැෂනල් යන විදේශීය බැංකුවල ශාඛා කොළඹ විවෘත කිරීම

1980
-
ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුව හා බෑන්ක් ඔෆ් ඕමාන් (1993 මෂ්රික් බැංකුව ලෙස වෙනස් විය) ආරම්භ වීම

-
ඕවර්සීස් ට්‍රස්ට් බැංකුව ආරම්භ කිරීම

-
බෑන්ක් ඔෆ් ඇමෙරිකා ආර්ම්භ කිරීම (1986 දී ව්‍යාපාරික කටයුතු අවසන් කරන ලදී)

-
යුරෝපියන් ඒෂියන් බැංකුව ආරම්භ කිරීම (1986 දී ඩොයිෂ් බෑන්ක් (ඒෂියා) ඒ.ජී. වශයෙන් ද, 1988 දී ඩොයිෂ් බෑන්ක් ඒ.ජී. වශයෙන් ද වෙනස් කරන ලදී.)

-
හබීබ් ඒ.ජී. සූරිච් බැංකුව

-
හබීබ් බැංකුව

-
ඇල්ජිමේන් බෑන්ක් නෙදර්ලන්ඩ් (1991 දී ඇම්රෝ බැංකුව සමඟ ඒකාබද්ධ කර ඒ.බී.එන්. ඇම්රෝ බැංකුව පිහිටුවිය.)

1981
-
ඩුබායි බැංකුව

-
ඇම්ස්ටර්ඩෑම් රොටර්ඩෑම් (ඇම්රෝ) බැංකුව

-
යුනියන් බෑන්ක් ඔෆ් මිඩ්ල්ඊස්ට් බැංකුව ඩුබායි බැංකුවේ ද ශාඛාවන් පවරා ගෙන 1988 දී එමිරේට්ස් ඉන්ටර්නැෂනල් බැංකුව වශයෙන් වෙනස් කරන ලදී. (1989 දී මෙය හැටන් නැෂනල් බැංකුව විසින් පවරා ගන්නා ලදී.)

1982
-
සීමාසහිත මිඩ්ල් ඊස්ට් බැංකුව (1994 දී මුස්ලිම් කොමර්ෂල් බැංකුව විසින් පවරා ගන්නා ලදි.

1987
-
සම්පත් බැංකුව

1988
-
සෙලාන් බැංකුව

1992
-
පබ්ලික් බැන්ක් බර්හාඩ්

1995
-
කොරියානු එක්ස්චේන්ජ් බැංකුව

1996
-
සීමාසහිත යූනියන් බැංකුව

-
සිමාසහිත පෑන් ඒෂියා බැංකුව

1997
-
සොසයිටි ජනරාල් බැංකුව

-
සිමාසහිත නේෂන්ස්ට්‍රස්ට් බැංකුව

-
ඩීඑෆ්සීසී වර්ධන බැංකුව

-
ස්ටෑන්ඩඩ් චාර්ටඩ් බැංකුව


ඉන්දියන් බැංකුව



වානිජ නොවන මූල්‍ය ආයතන (බලපත්‍රලාභී විශේෂිත බැංකු හැර)

1832
-
ලංකා ඉතිරි කිරීමේ බැංකුව
1885
-
තැපැල් කාර්යාල ඉතිරි කිරීමේ බැංකුව
1906
-
කුඩා සකසුරුවම් හා ණය ගණුදෙනු සමූපකාර සමිති
1931
-
රාජ්‍ය උගස් බැංකුව
1943
-
කෘෂිකාර්මික සහ කාර්මික ණය සංස්ථාව
1945
-
ඉතිරි කිරීමේ සහතික ව්‍යාපාරය
1955
-
ලංකා සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFCC)
1961
-
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
1972
-
ජාතික ඉතිරි කිරීමේ බැංකුව
1975
-
රාජ්‍ය උගස් බැංකුව සහ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථාව ඒකාබද්ධ කොට රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව පිහිටුවීම
1979
-
ජාතික සංවර්ධන බැංකුව (NDB)

-
ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව

-
ජාතික රක්ෂණ සංස්ථාව
1980
-
සේවක භාරකාර අරමුදල (ETF)
1984
-
නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව


No comments:

Post a Comment

Welcome Comments..!!!